QR තාක්‍ෂණය මත පදනම් වූ SINGER FINANCE ජංගම මුදල් එකතු කිරීමේ සේවාව වසර දෙකක මං සලකුණු සටහන් කරයි.

ප්‍රකාශිතයි - 03 Dec 2024
banner-image

QR මත පදනම් වූ ජංගම මුදල් එකතු කිරීමේ සේවාව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ පුරෝගාමී පියවරකි. SINGER FINANCE ඉතුරුම් නියෝජිතයින් විසින් වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථානවල QR කේත සහිත මුදල් රැස්කිරීමේ මන්ජුසාවක් තැන්පත් කර ඇති අතර, මේ හරහා SINGER FINANCE “මුතු” ළමා ඉතුරුම් ගිණුම් ඇතුළුව, ව්‍යාපාර හිමිකරුවන්ට ඔවුන්ගේ ඉතුරුම් ගිණුම්වලට සෘජුවම මුදල් තැන්පත් කිරීමට ඉඩ සලසයි. අධාල මංජුසාව බැංකුවේ තැන්පත් කිරීම අවශ්‍ය වූ විට අදාළ පාරිභෝගිකයාට සිදු කල යුතු වන්නේ ඔවුන්ගේ ජංගම දුරකථන මගින් QR කේතය scan කර සිය විස්තර සැපයීම පමණි. SINGER FINANCE තැන්පතු නියෝජිතයින් ඉතා කෙටි වෙලාවකින් මුදල් එකතු කිරීමට සහ සම්පූර්ණ ගනුදෙනුව ඩිජිටල් තාක්ෂනය ඔස්සේ වලංගු කිරීමට එම ස්ථානයටම පැමිණෙන අතර එකතු කරන ලද මුදල් තත්‍ය කාලීන ගනුදෙනුවක් ලෙස පාරිභෝගිකයාගේ අදාළ ඉතුරුම් ගිණුම් වෙත සුරක්ෂිතව තැන්පත් කරනු ලැබේ.